FAST NEWS

24×7 Around the Globe

කැළණි සරසවියේ ගින්නක්..

කැළණි විශ්වවිද්‍යාලයේ කන්නන්ගර (වෙනුර) පිරිමි නේවාසිකාගාරයේ ගින්නක් අද (26දා) උදෑසන  හටගෙන ඇති බව වාර්තා වේ.

පිරිමි නේවාසිකාගාරයේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් මෙම කාමරය සම්පූර්ණයෙන්ම හානී වී ඇති බව පැවසේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ කාමරය තුළ සිසුන් දෙදෙනකුද සිටි ඇති බවද වාර්තා වේ.

මේ වනවිට ගින්න නිවීමට කටයුතු කර ඇති බවත් කැළණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ..