මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නියම කෝප් කමිටු වාර්තාව ඉදිරි පැය 72 ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවත් හොරු කවුද හොරු රකින්නේ කවුද යන්න ඉන් පසුව රටටම බලා ගැනීමට හැකි වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
බත්තරමුල්ල පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (25) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කෝප් කමිටුවෙන් සභාපතිවරයා ඉවත් කිරීමට සමහරුන්ට ආසාවක් තිබිය හැකි නමුත් ජනතාව වෙනුවෙන් ජවිපෙ වගකීම හරිහැටි ඉටු කර වැරදිකරුවන් කිසිවකුට ඉන් ගැලවී යාමට ඉඩ නොදෙන බවද හෙතෙම පැවසීය.
“ජනාධිපතිට අපි කියන්නේ මේ වාර්තාව අනුව කටයුතු කරන්න. ජනතාව වෙනුවෙන් අපි ඉදිරියට යනවා. බොරු රංගන දැක්වීමට අපිට අවශ්‍ය නැහැ. එජාපයේ මූලික වුවමනාව හිටපු මහ බැංකු අධිපති ඇතුළු ඔහුගේ ගෝලයන් බේරාගැනීමයි. මේ විමර්ශන කෝප් කමිටුවට පැවරුවේ ඒ නිසයි. හොරු බේරාගැනීමට ඔවුන් ඕනෑම දෙයක් කරනවා. දැන් මේ අයගේ රෙදි ගැලවී අවසන්. නිල වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ජන බලය ජනාධිපතිට හෝ අගමැතිවරයාට කිසිම ක්‍රමයකින් නැවැත්වීමට බෑ
ඕනෑම කරුණකට පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට හැකියි. අපි කියන්නේ මෙය ඡන්දයකට ගෙන එන්න. මේ ජනමතය සමග කෙරෙන විද්වත් පරීක්ෂණයක්. ජනාධිපතිවරයා මේ සම්බන්ධව කොමිසමක් පත් කරනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් එය හොරුන් ආරක්ෂා කෙරෙන්නක් නොවිය යුතුයි. අපි කියන්නේ මේ වාර්තාවේ නිර්දේශ අනුව අධිකරණයට යා හැකිය. එතැනදී තම තමන් නිදොස් නම් චූදිතයන්ට කරුණු කිව හැකියි. අලි බබාට සහ හොරු සියල්ලටම අපි නිර්දේශ ඉදිරිපත් කළා. එජාප වාර්තාවට අනුව අලි බබාට චෝදනා නොකර සෙසු අයට පමණක් යම් යම් චෝදනා නගා තිබෙනවා. අපේ නිර්දේශ මත මෙරට අධිකරණයෙන් දිය හැකි උපරිම දඬුවම් ලබා දිය හැකියි. පරීක්ෂණයට කලින්ම මෙම සිද්ධීන් කිසිදු දූෂණයක් නෑ කියපු එජාපයේ කමිටු නියෝජිත පිරිස් සිටිනවා. විගණකාධිපතිවරයාට මහ බැංකුවෙන් මෙයට සම්බන්ධ කිසිම තොරතුරක් ලබා ගැනීමට නොහැකි වුණා”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.