FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් පිළිතුරු ලැබෙන තුරු යාපනයේ සරසවි සිසුහු අධ්‍යන කටයුතු වර්ජනය කරති…

පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වුණු සරසවි සිසුන් දෙදෙනාට සාධාරණය ඉටුකරන ලෙස සිදු කළ ඉල්ලීම්වලට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් නිසි පිළිතුරක් ලබා දෙන තුරු අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වර්ජනය කරන බව යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සදහන් කරයි.

මේ අනුව ජනපතිවරයාගෙන් පිළිතුරු ලැබෙන තෙක් සරසවි අධ්‍යන කටයුතුවලට සහභාගී නොවන ලෙස මහා ශිෂ්‍ය සංගමය විසින් සියළු සිසුන් දැනුම්වත් කර ඇත.

ඝාතනයට ලක්වූ සරසවි දෙදෙනාට වන්දි පිරිනැමිය යුතු බවත් ඔවුන් ඇති දැඩි කිරීමට ඔවුන්ගේ දෙමාපියන් විසින් වැය කළ මුදලත් ඔවුන් රැකියා කිරීමෙන් උපයා ගන්නා මුදලත් වශයෙන් එම වන්දිය පිරිනැමිය යුතු බවද මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කර සිටීයි.

එමෙන්ම මෙම සිසුන් දෙදෙනාගේ ඝාතකයින්ට එරෙහිව මසක් ඇතුළත මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවද අවධාරණය කරයි.