FAST NEWS

24×7 Around the Globe

යශෝධ නිරංජන් රංගේබණ්ඩාරට ඇප…

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍යය අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතු සහ තවත් අයෙකුව ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය අද (25) සවස නියෝග කර තිබේ.

ඒ අනුව එක් සැකකරුවෙකුට මුදලින් රුපියල් 15,000 ක් සහ රුපියල් ලක්ෂය බැගින් වන පුද්ගල ඇප දෙක බැගින් මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

මෙසේ ඇප මත මුදා හරින ලද්දේ රාජ්‍ය අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා වන යශෝධ නිරංජන් රංගේබණ්ඩාර මහතා සහ ඩී.එම්.නිලන්ත ප්‍රදීප් රණතුංග නම් දෙදෙනෙකුවයි.

ඊයේ (24) සවස ආණමඩුව – කුරුණෑග මාර්ගයේ දී ජීප් රථයක පා පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

අනතුරින් ආණමඩුව – වඩිගමංගාව පදිංචිව සිටි වන්නිනායක තෙන්නකෝන් මුදියන්සේලාගේ ගාමිණී වන්නිනායක නමැති 42 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් වූ නඩුව ලබන දෙසැම්බර් මස 05 වැනිදා නැවත කැදවීමට නියමිතය.