FAST NEWS

24×7 Around the Globe

කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ලකුණු 165 දැවැන්ත පරාජයක් ගෙනෙයි..

ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුණු පළමු එක්දින තරඟය ලකුණු 165 කින් ජය ගැනීමට සංචාරක කොදෙව් A කණ්ඩායම අද (25) සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් A කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 276ත් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායමට කෙදෙව් පන්දුයවන්නෝ හමුවේ පන්දුවාර 32.2 කදී  සියළු දෙනා ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 102 ක් පමණි.