FAST NEWS

24×7 Around the Globe

කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නෙකෙරේ….

මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව පිළිබඳව කෝප් කමිටුව විසින් සකස්කළ වාර්තාව අද (25දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නොහැකිවනු ඇති බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා  අද (25) පාර්ලිමේන්තුවේදි පැවැසීය.

කෙසේ වෙතත් මේ සතියෙ ඉදිරි දින වලදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.

කෝප් කමිටු වාර්තාවේ පරිවර්තන හා මුද්‍රණ කිරීමේ ගැටලුවක් හේතුවෙන් අද දිනයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව සභාපතිවරයා  වැඩි දුරටත් පැවැසීය.