FAST NEWS

24×7 Around the Globe

අඳුරු වීදුරු සහ තිර රෙදි සහිත වාහනවලට පොලිසීයෙන් වාරණයක්..

අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්‍රියාත්මක කෙරේ.

රථ වාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සියලු ප්‍රාදේශීය කොට්ඨාස හැර නිලධාරීන් වෙත ෆැක්ස් පණිවිඩ මගින් මෙ සම්බන්ධයෙන් දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

අද (25) සිට 28 වැනිදා තෙක් පොලිස් ස්ථාන මට්ටමින් රථවාහන පරීක්ෂාවක් සිදුකර රියදුරන් දැනුවත් කෙරෙන බවත් ඒ මොහොතෙම ඒවා ඉවත් කිරීමට හෝ එසේ කිරීමට නොහැකිවන අයට නඩු පවරන බව ද පැවසේ.