FAST NEWS

24×7 Around the Globe

2017 අයවැය සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිප කමීටු අතර සාකච්ඡාවක්..

2017 අයවැය සම්බන්ධයෙන් තීරණාත්මක ඇමති කමිටු සාකච්ඡාවක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී අද (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂ අයවැය කමිටුව මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවැය කමිටුව ද සහභාගීවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් සිය අයවැය යෝජනා අඩංගු ලියවිල්ල මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත බාරදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.