FAST NEWS

24×7 Around the Globe

CSN රූපවාහිනී සේවයේ විකාශන බලපත්‍රය අත්හිටුවේ….

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී සේවයේ විකාශන බලපත්‍රය අත්හිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබේ.

විකාශන බලපත්‍රයක් ලබාගැනීමේදී සපුරාලිය යුතු කොන්දේසි සපුරා නොමැතිවීමෙන් මෙම තිරණය ගෙන ඇති බව පැවසේ..

එසේම ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනමාධ්‍ය  අමාත්‍යංශය මගින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අදාළ විකාශන බලපත්‍රය අවලංගු කර ඇති බව සී.එස්.එන්. ආයතනයට ලිපියක් මගින් දැනුම්දී ඇති  බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කළේය.

2011 වසරේ මාර්තු මස තුන් වන දින එම ආයතනයට විකාශන බලපත්‍රයක් නිකුත් කර තිබුණි.

එම බලපත්‍රයේ 3 , 11 සහ 14 යන වගන්ති අදාළ ආයතනය මගින් උල්ලංඝණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කළේය.