FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය වෙඩි තැබිමේ සිද්ධියට අදාළ සැකකරුවන් හදුනා ගැනේ…

මට්ටක්කුලිය – සමිත්පුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසු‍වේය.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනිම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වාර්තා ‍වේ.

ඊයේ (23) රාත්‍රී 07.30ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගි‍යේය.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.