සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු කරමින් හිටපු ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සිට වසර 20ක් සිර දඩුවමක් එරට අධිකරණය විසින් නියම කර ඇති බව විදෙස් මාධට්‍ය වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරයාට අමතරව ඔහ නායකත්වෙයන් යුතු මුස්ලිම් සහෝදරත්වයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්වූ මෙහොමඩ් එල් බෙල්ටැගී සහ එසාම් එල් ඒරීන් යන පුද්ගලයින්ට වසර 20ක් බැගින් වූ සිර දඩුවම් පැනවීමට ඊජිප්තු අධිකරණය පියවර ගෙන ඇත.
මොවුන් සියලු දෙනාම 2012 වසරේදී මුර්සි එරෙහිව ඊජිප්තුවේ පැවති උද්ඝෝෂණයකට සහභාගීවු සියයකට අධික සිවිල් වැසියන් ඝාතනය කිරීම ,දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීම ,පැහැරගැනීම ,වද හිංසා පැමිණවීම චෝදනා සම්බන්ධයෙන් වරදකරැවන් කරමින් මෙම දඩුවම් පනවා ඇත.
මෙම චෝදන චූදිත ඊජිප්තු හිටපු ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ඊජිප්තුවේ වසර 40ක් තිස්සේ නායක්වය දැරූ හොස්නි මුබාරක් එම ධූරයෙන් නෙරපා හැරීමත් සමග 2012 දී පැවති මැතිවරණයෙන් ජයගත් ප්‍රථම ජනාධිපති මුර්සි වන අතර එම පත්වීමෙන් අනතුරු මුබාරක් පාලන සමයේ සිරබත් කෑ සිය පක්ෂයේ සාමාජිකයින් දේශපාලන බලපෑමෙන් නිදහස් කිරීම නිසා මුර්සිට එරෙහිව නඩු පැවරූ වත්මන් පාලක රජය එම චෝදනාවට මරණ දඩුවම නියම කරන ලදී.
තවද පලස්තීනයේ හමාස් සංවිධානයට රහසිගතව තොරතුරු සැපීයීමේ චෝදනාවට මුර්සි ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමක්ද ඉකුත් වසරේදී නියමවී තිබිණි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.