FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජයන්තට ඇප – වීරවංශට ඇප නෑ…

මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී ජයන්ත සමරවීරව ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණට අද (24) නියෝග කළේය.

එ අනුව රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හෙතෙම මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කෙරුණී.

මේ අතර ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් එක් කෝටි පන් ලක්ෂයක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ නොවැම්බර් 7 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියොග් කළේය.