FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර ගනුදෙනු ගැන සොයන්න ජනාධිපති කොමීසමක්…

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේ දී පරීක්ෂණ මෙහෙයවීමට පූර්ණ බලතල සහිත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට මැදිහත් වන්නැයි දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පත් කරනු ලබන කොමිෂන් සභාවට යම් නීතිමය බලතලද ලබා දීම සම්බන්ධව අවධානය යොමුකර ඇති බවත්, එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම මෙරට සිදු වූ විශාලතම බැඳුම්කර වංචාව යට යමින් පවතින බවත්, ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පූර්ණ බලතල සහිත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස තම සංවිධානය ඇතුළු සමාජ කණ්ඩායම් ගණනාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කොට ඇති බවද  දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පුවත්පතකට සඳහන් කර තිබේ.

එම නිසා ඉදිරි කාලය තුළ දී එම කොමිෂන් සභාව පත් කරන ලෙස බල කරන ඉල්ලීම් රට පුරා දියත් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ජනමතයක් නිර්මාණය කිරීමටත් සූදානම් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.