FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තා ගැටළුව විසඳාගන්න කොප් කමීටුව අද රැස්වෙයි..

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව තුළ දැනට උද්ගතවී ඇති ගැටළුකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම සඳහා කෝප් කමිටුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබේ.

කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව වාර්තාවක් සකස් කළ අතර එම වාර්තාවට අමතරව කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වෙනම වාර්තාවක්ද සකස් කර තිබුණි.

මෙම තත්ත්වය තුළ පසුගිය දා රැස්වූ කෝප් කමිටුව උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වෙයි.
සභාපතිවරයාගේ වර්තාවට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුගේ ද සහය හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ඊට හිමිව නොමැත.

කෙසේ වෙතත් හෙට(25) දිනයේදී මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වාර්තාව වාර්තා දෙකක් ලෙස හෝ බෙදුණු වාර්තාවක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද අද  (24) දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.