FAST NEWS

24×7 Around the Globe

ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ වාසිය හෙට සිට ජනතාවට..

ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ වාසිය හෙට (24) සිට ජනතාවට ලබා දෙන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට  සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස්  දී ඇත.

මෙසේ මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබෙන්නේද යන වග සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ විමර්ශණ ඒකකය යොදනවන ලෙස ඇමතිවරයා සෞඛ්‍ය ‍ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මෙම විශේෂ විමර්ෂණ ඒකකයට අමතරව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් සහ ආහාර පරික්ෂක නිලධාරීන් යොදවන ලෙසටද ඇමතිවරයා උපදෙස් දී ඇත.

දිවයිනපුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසැල් 32න් සහ නියෝජිත ඔසුසැල් 130කින් අඩු කළ මිලට ඖෂධ ලබා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත.

මිල අඩු කල ඖෂධ තොග වශයෙන් රැස්කර තබා ගැනීමට සංස්ථාව මේ වන විටත් කටයුතු කර ඇතැයිද පවසන ඇමතිවරයා ඖෂධ හිඟයක් ඇති වීම වැලැක්වීම සඳහා ඖෂධ තොග ආනයනය කර රැස්කර තබා ගන්නා ලෙස රජයේ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන් බවද සඳහන් කරයි.