FAST NEWS

24×7 Around the Globe

සැම්සුන් නෝට්7 ඩුබායි ගුවන්තොටුපලෙත් තහනම්..

සැම්සුන් නෝට්7 ජංගම දුරකථනයේ බැටරියේ පවතින දෝෂයක් නිසා එම ජංගම දුරකථනය ගිනි ගන්නා බවත් මෙම තත්වය නිසා සැම්සුන් නෝට්7 ජංගම දුරකථන රැගෙන මගීන්ට ගුවන්ගතවීමට ඉඩ නොදෙන බවත් ඩුබායි ගුවන්තොටුපල නිවේදනය කර සිටියේය.

ඩුබායි ගුවන්තොටුපොල මාධ්‍ය නිලධාරියකු ටුවිටර් ඔස්සේ නිවේදනය කර කියා සිටියේ  සැම්සුන් නෝට්7 ජංගම දුරකථනයේ අලුත්ම උපදෙස් අනුගමනය කරන ලෙසටය.

පසුගිය මාසයේ, ඩුබායි ගුවන්සේවා අධිකාරිය ජාතික ගුවන් සමාගම් මගින් ක්‍රියාත්මක ගුවන් ගමන් සදහා සැම්සුන් නෝට්7 භාවිතාකිරීම තහනම් කළේය.

සමාජ ජාල ඔස්සේ මෙම දෝෂය ඡායාරූපත් සමග පළවීමෙන් අනතුරුව සැම්සුන් සමාගම නිලවශයෙන් තම ජංගම දුරකථන අලවිය නතර කිරීමටත් එම දුරකථන නැවත ගෙන්වාගැනීමට තීරණය කළ අතර සැම්සුන් නෝට්7 ජංගම දුරකථනය නිෂ්පාදනය කිරිමද නවතා දැමීය.