FAST NEWS

24×7 Around the Globe

සජීත්ගේ ගෝත්‍රික ක්‍රමයට එරෙහිව අල්ලස් කොමීසමට පැමීණිල්ලක්…

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස රැකියා දෙන ආකාරය පිළිබඳ සොයා බලා ඔහු නිවැරදි නම් නිදොස් කරන ලෙසත්, වැරදිකරු නම් උපරිම දඬුවම් දෙන ලෙසත් මහජන අයිතීන් සුරැකීමේ පදනම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

තම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද දායකයන්ටම රැකියා ලබාදෙන ආකාරය පිළිබඳ පසුගිය දිනවල අන්තර්ජාලයේ පළවී ඇති වීඩියෝව ඉදිරිපත් කර මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවද පැවෙස්.

පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කරන සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මෙවැනි ගෝත්‍රික ක්‍රමයකට රැකියා දීම යහපාලන රජයේ බලා‍පොරොත්තු වූ දෙයක් නොවන බවද මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි.