FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් මහ බැංකු අධිපති ගැන සාක්ෂි දීමට සුදානම් වෙයි.

මහ බැංකු අධිපතිවරයාට එරෙහි කෝප් කමිටු පරිශ්‍රයේදී තමාද සාක්ෂිදීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තමා සාක්ෂි දීම සඳහා කැඳවන ලෙස කෝප් කමිටුවෙන්ද ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍යවරයා කියයි.

මහ බැංකු අධිපතිවරයාට එරෙහි කෝප් කමිටු පරිශ්‍රයේදී නිර්දේශ පිළිගැනීමට සූදානම් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.