FAST NEWS

24×7 Around the Globe

චානුක රත්වත්තේ ඇතුළු 05 දෙනාට ඇප ලැබේ…

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි චානුක රත්වත්තේ මහතා ඇතුළු 05 දෙනාට ඇප ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.

මහ බැංකුවේ මුදල් ලාභ ඉපැයීමේ කාර්යයේ යෙදවීමේ දී එම මුදල් තවදුරටත් පොදු දේපළක් නොවන බවට තීරණය කරමින් අධිකරණය ඇප ලබා දී තිබේ.

මේ අනුව එන්කාස්ට් සිකියුරිටි සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන පළමු සැකකරු ඉසිර ධර්මප්‍රිය බණ්ඩාරට රුපියල් ලක්‍ෂ 03ක මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් ශරීර ඇප 03ක් නියම කෙරුණි.

දෙවන සැකකරු වන චානුක රත්වත්තේට රුපියල් ලක්‍ෂ 02 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 15 බැගින් ශරීර ඇප 02ක් නියම කළේය.

තුන්වන සැකකරු වන රොමේෂා දුෂ්‍යන්ති පෙරේරාට නියම කෙරුණේ රුපියල් ලක්‍ෂ 02 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් ශරීර ඇප 02ක් ද හතර වන සැකකරු වන සජීව දයාරත්නට සහ පස් වන සැකකරු වන නිලෝෂන් රොමෙලෝ මෙන්ඩිස්ට රුපියල් ලක්‍ෂය බැගින් මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් ශරීර ඇප 02ක් නියම කෙරුණි.

සියලු සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කිරීමට කටයුතු කරන ලෙසද ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණයට භාරදිය යුතු  බවද නියෝග කෙරුණි.