FAST NEWS

24×7 Around the Globe

ඖෂධ වර්ග 48 ක මීල අද මධ්‍යම රාත්‍රී සිට අඩු කෙරේ..

ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

එ අනුව අද(21)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩු කිරීම් සිදු වන බවද පැවසේ.

මහ පරිමාණ ඖෂධ සමාගම් ආනයනය කරන ඖෂධවල මිල සහ සුළු පරිමාණ ආනයනයකරුවන්ගේ ඖෂධවල මිල ගණන් සැලකිල්ලට ගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල සූත්‍රය සකස් කර ඇති බව වාර්තා වේ.

එහි පළමු අදියර යටතේ දියවැඩියා, අධික රුධිර පීඩනය ඇතුළු අත්‍යවශ්‍ය රෝග රැසකට ලබාගන්නා ඖෂධ වර්ග 48ක මිල අඩුකිරීමට නියමිතයි.