FAST NEWS

24×7 Around the Globe

ධීවර විරෝධයක් නිසා කල්පිටිය – පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා…

කල්පිටිය – පුත්තලම මාර්ගයේ කුරුඤ්ඤන්පිටිය ප්‍රදේශයේ ධීවර විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති වාර්තා වේ.

ලයිලා දැල් භාවිතා කරමින් සිදුකෙරෙන මසුන් මැරීමට විරෝධය පළ කරමින් මෙලෙස මොවුන් විරෝධතාවයේ නිරත වන බවද පැවසේ.