FAST NEWS

24×7 Around the Globe

UN නියෝජීත රීටාගෙන් ආණ්ඩුවට ඉල්ලීමක් – වාර්තාව මාර්තුවේ මානව හිමීකම් වෙත..

ශ්‍රී ලංකාවේ සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව පාලනය ගත් ක්‍රියාමාර්ග අත් නොහැර ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සුළුජන අයිතිවාසිකම් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥවරිය රීටා ඉසාක් මහත්මිය මෙරට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇය මෙරට දින 10ක සංචාරයක නිරත රීටා ඉසාක් මහත්මිය මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙරට තුළ දිර්ඝ කාලීන යුද්ධයකින් පසු සංහිඳියා ක්‍රියාමාර්ගය වහා සිදු කළ හැකි දෙයක් නොවන බව ද ඇය එහිදී පෙන්වා දුන්නාය.

මේ අතර සුළුතර ප්‍රජාව සහ රාජ්‍ය අතර සම්බන්ධතාවක් ඇති කිරීමට සුළුතර අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන ආයතනයක් පිහිටුවන ලෙස ද රිටා ඉසාක් මහත්මිය ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇයගේ විශේෂ වාර්තාවක් ලබන මාර්තු මාසයේදී මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය.