FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති ගැන වත්මන් මහ බැංකු අධිපතිට ලිපියක්..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්දන්ගේ සමයේ සිදුවූ වංචා දූෂණ වසන් කිරීමේ උත්සාහය වළක්වන්නැයි ඉල්ලා දූෂණ විරෝධී හඬ වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ.

එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇති අතර, එහි පිටපත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ සභාපති, පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, විගණකාධිපති, නීතිපති ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකුට යොමුකර ඇති බවද පැවසේ.