ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටයට පැනවු අතුරු වාරණය ඉවත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (21) ප්‍රකාශ කළේය.
හිටපු විනිසුරු ලෙනින් රත්නායකගේ පෙත්සමක් අනුව මෙම චිත්‍රපටයට පසුගියදා අධිකරණයෙන් වාරණයක් පැනවිණි.
මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රාවය පුවත්පතට කරන ලද හෙළිදරව්වකින් අනතුරුව ”නොනිමි අරගලය”යන මැයෙන් හා “පෑන අහිංසකද?”යන මැයෙන් ප්‍රකාශයට පත් කළ කෘති ද්විත්වයෙන්ම මෙම විනිසුරුවරයාගේ අපරාධ ක්‍රියාව හෙළිදරව් කර ඇත.
ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද”උසාවිය නිහඬයි”චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේද, මෙම හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද අපරාධයයි.
නඩුව ජනවාරි 19 වැනි දා යළි කැඳවීමට නියමිතය.








