FAST NEWS

24×7 Around the Globe

පරාජය වුවහොත් ඡන්ද ප්‍රතිඵල පිළිගන්නේ නැති බව ට්‍රම්ප් කියයි..

මෙවර ජනාධිපති මැතිවරණයෙන් තමා පරාජය වුවහොත් ඡන්ද ප්‍රතිඵල පිළිගැනීමට සුදානම් නොමැති බව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පවතින අවසන් විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව අවධාරණය කර තිබේ.

ෙඑමෙන්ම, තමාගේ ජනාධිපතිවරණ රැළි පැවැත්වූ ස්ථානවල කලහකාරී සිදුවීම් ඇති කිරීමට ක්‍රියා කළ බවටද ට්‍රම්ප් හිලරිට චෝදනා කළ අතර, මේ තත්ත්වය තුළ අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තමා බලා සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ අතර, ට්‍රම්ප්ට එරෙහිව රුසියාව හා රුසියානු මාධ්‍ය උලුප්පා දක්වමින් අදහස් ප්‍රකාශ කළ හිලරි කියා සිටියේ ට්‍රම්ප් පූටීන්ගේ රූකඩයක් බවය.

විනාඩි 90ක කාලයක් පැවති විවාදය අතිශය තියුණු වාග් ප්‍රහාරයක් දක්වා වර්ධනය වී තිබූ අතර, ඔවුන් එකිනෙකාගේ පෞද්ගලික කාරණා මත පදනම්ව චෝදනා නගාගෙන තිබුණි.