2017 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනූව ලබන වසරේදී රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819.5ක් වෙයි.
2016 වසරේදී එය රුපියල් බිලියන 1941.4ක් වන අතර එය 2016 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 21.9ක අඩුවීමකි.
2017 විසර්ජන පනතට අනූව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 6.45කි. ( එනම් රුපියල් කෝටි 645කි).
2016දී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.3ක් වන අතර එය මෙවර තුන් ගුණයක පමණ වැඩිවීමක් ලෙස දැකිය හැකිය.
2017දී අග‍්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1.25කි. ( එනම් රුපියල් කෝටි 125කි).
එය 2016දී රුපියල් බිලියන 0.4ක් ලෙස සටහන් විය.
2017 වසරට ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 284ක් වෙන්කර ඇති අතර 2016ට සාපේක්ෂව එය රුපියල් බිලියන 22ක අඩුවීමකි.
2017 සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 160.9ක්ද වෙන්කර ඇති අතර 2016 සඳහා එය රුපියල් බිලියන 174.9ක් වේ.
2017 අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 76.9ක් වන අතර 2016 වසර සඳහා එය රුපියල් බිලියන බිලියන 185.9කි.
එය 2016 හා සැසඳීමේදී රුපියල් බිලියන 109ක් අඩුවීමක් බව පෙනේ.
2017 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 163.4ක් වෙන්කර ඇත.
අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඡන්ද විමසීම එම මස 18 සිදුකිරීමට නියමිතය.
අයවැය විවාදය දෙසැම්බර් 10 දක්වා සිදු කිරීමට නියමිත අතර තෙවන වර ඡන්දය ද එදින පැවැත්වීමට නියමිතව ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.