FAST NEWS

24×7 Around the Globe

අැවන්ගාඩ් සේනාධිපතිට වසරටකට රට යන්න අවසර ලැබේ..

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට  සිංගප්පුරුවේ හා  ජර්මනියේ වෛද්‍ය  ප්‍රතිකාර ගැනිමට වසරකට අවසර  දිමට කොළඹ අධිකරණය අද (20) තීන්දු කළේය.

කෙසේ වෙතත් වසරක් වැනි කාලයකට එසේ අවසර දිම දැඩි ලෙස විරුද්ධ වන බව අල්ලස් හා දුෂණ විමර්ශන ජනපති කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේය.

රජයේ මුදල් කෝටි ගණනින් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත.

රුපියල් ලක්ෂ 50 ක අමතර  ශරීර ඇප තුනක් ද මත විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය.