මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට බැංකු ගිණුමක්.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට බැංකු ගිණුමක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට අදාළව ලැබිය යුතු හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව වත්මන් රජය විසින් අඩු කර ඇති නිසා එම අඩු කළ ප්‍රමාණයට සරිලන පරිදි පුද්ගලික අංශයෙන් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමට බැංකු ගිණුමක් ආරම්භ කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපතිවරයා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සඳහා නොමිලයේ සේවා සැපයීමට පුද්ගලයන් දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් ආරක්ෂක නිලධාරීන් සම්බන්ධව ගැටලුවක් මතු වී තිබෙන බව පැවසූ උන් වහන්සේ, වැඩිදුරටත් සඳහන් කළේ මේ තත්ත්වය තුළ පුද්ගලික අංශයෙන් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම හැර වෙනත් විකල්ප නොමැති බවයි.

ඒ සඳහා ආධාර කරන්නැයි උන්වහන්සේ මහජනතාවගේ ඉල්ලීමක් කළහ.
මේ අතර අභයාරාමයේ හිඳිමින් සිදුකළ කිසිදු කුමන්ත්‍රණයක් මේ දක්වා වැරදි නොමැති බවත්, රටට අහිතකර කිසිදු රහස් කුමන්ත්‍රණයක් මේ දක්වා සිදුනොකළ බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

රට වෙනුවෙන් සියල්ල සිදුකරන බවත් පැවසූ උන්වහන්සේ කිසිවෙකුට බයේ එම කටයුතු නතර නොකරන බවද අවධාරණය කළහ.

ඊයේ (25දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමියෝ කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහායට භික්ෂූන් වහන්සේලා 5000ක් කොළඹට වැඩම කරවා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මහ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

තමන් වහන්සේලා ගෙනයන ව්‍යාපාරයට දිවයිනේ ඇති සියලු විහාරස්ථාන සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බව ආනන්ද හිමියෝ සඳහන් කළහ.

තමන් වහන්සේලා ගෙනයන ව්‍යාපාරයට දිවයිනේ ඇති සියලු විහාරස්ථාන සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවද, ආනන්ද හිමියෝ සඳහන් කළහ. එම ආධාර මුදල් 00405004886 – සම්පත් බැංකුව, නාරාහ්න්පිට බැංකු ගිණුමට බැරකරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.