FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාතේ නීතීඥවරුන් වර්ජනයේ…

උතුරු පළාතේ සියළු අධිකරණවල නීතීඥවරුන් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වර්තා වේ.

කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අපහාසාත්මක අසත්‍ය ප්‍රචාරයක් වෙබ් අඩවි ඔස්සේ  පළ කිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක  කෙරෙන බව උතුරු පළාත් නීතීඥ සංගමය පවසයි.

කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තුරු මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් නීතීඥ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.