FAST NEWS

24×7 Around the Globe

සම්මුතිවාදී ආණ්ඩුව 2020 තෙක් පෙරළන්න බෑ….

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වනතුරු පෙරළන්න තියා කිසිවකුටත් සොලවන්නට හෝ බැරි ශක්තිමත් ආණ්ඩුවක් බවත් ලබන වසරේ ආණ්ඩුව පෙරළන බව පවසන්නේ ඔළුවේ අමාරුව ඇති පිරිසක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එම ඔළුවේ අමාරුව ඇති පිරිස අලුත් ආණ්ඩුවක් බිහි කරන බවට පවසන්නේ ඔවුන්ට රෑට නින්ද නොයන නිසා බවත් කුමන ප්‍රතිරෝධ පැමිණියද රටේ ජනතාව වෙනුවෙන් පෙරට තැබූ පය 2020 වන තෙක් ආපසු නොතබන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා ජනාධිපති ලෙස කිසිවිටෙකත් ඒක පාර්ශ්වික නොවන බවත් ජනාධිපතිවරයා ලෙස අපක්ෂපාතීව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවත් පැවසීය.

තමා ස්ථාපිත කර ඇති නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගනිමින් තමාට දිගින් දිගටම විවේචන, අපහාස සිදු කිරීමෙන් සම්මුතිවාදයේ අගය මොනවට පැහැදිලි වන බවද ඒ පිලිබඳව තමා සතුටු වන බවද ඒ මහතා අවධාරණය කළේය.