FAST NEWS

24×7 Around the Globe

නොරොච්චොලේ යතා තත්වයට – විදුලි කප්පාදුව නැවතේ..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් විටින් විට ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව නැවැත්වූ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

අක්‍රීයව තිබූ ජනක යන්ත්‍රය ඊයේ (19) පස්වරුවේ යළි ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් එම නිසා විදුලි කප්පාදුව නැවැත්වීමට හැකියාව ලැබුණු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ජනක යන්ත්‍රයේ ගැටළුව නිරාකරණය කිරීම හේතුවෙන් ඉන් ලැබෙන මෙගාවොට් 300ක විදුලි ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියට මේවන විට සපයා තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 බැගින් විදුලි සැපයුම් ලබා දෙන ජනක යන්ත්‍ර 3ක් මගින් දිවයිනට විදුලිය සපයයි.