FAST NEWS

24×7 Around the Globe

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාරිලිමේන්තුවට – වැට් තීන්දුවත් ප්‍රකාශ කෙරේ…

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට

ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අද (20) පෙරවරුවේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

මේ නිසා අද (20) දින පාර්ලිමේන්තුවේ සාමාන්‍ය විවාදයන් නොපැවැත්වෙන අතර විසර්ජන පනත ඉදිරිපත් කිරීමේ කටයුතු පමණක් සිදුවේ.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එකතු කළ අගය මත බදු (සංශෝධන) හෙවත් වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට එවන ලද තීන්දු ප්‍රකාශ කිරීමද අද (20) දින සිදුවීමට නියමිතය.