FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් අද රාත්‍රීයේ සිට වැඩ…

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද රාත්‍රී 8.00ට පමණ වනවිට ක්‍රියාත්මක කරගැනීමට හැකි වන බව විදුලි ඉංජිනේරුවෝ සඳහන් කරති.

මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කළහොත් ඒ තුළින් මෙගා වොට් 300ක ප්‍රමාණයක් පද්ධතියට එක්වන බවත්, මේ නිසා දැනට සිදුවන විදුලි කප්පාදුව 60%කට අධික ප්‍රමාණයකින් අඩුකර ගැනීමට හැකිවන බවද එම පිරිස් පෙන්වා දෙති.