FAST NEWS

24×7 Around the Globe

”දිවිනැඟුම” – ”සමෘද්ධි” ලෙස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය…

දිවිනැගුම පනත සංශෝධනය කර සමෘද්ධි ලෙස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය හිමීවු බව අද (19) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

එ අනුව 2013 අංක 1 දරන දිවිනැගුම පනතේ නාමය සංශෝධනය කර එ වෙනුවට ‘සමෘද්ධි’ යන නාමය ආදේශ කිරීමට සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමීව තිබේ.

දිවි නැගුම නම වෙනුවට සමෘද්ධි නම ආදේශ කරන්නැයි ගම් මට්ටමේ ප්‍රජා සමීති හා එහි නිලධාරීන්ගේ ඉල්ලිම සැලකිල්ලට ගනීමීන් ඇමතිවරයා අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අනුමැතිය ලැබුණු සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමීතය.