FAST NEWS

24×7 Around the Globe

නොවිසදුණු නඩු දිනපතා විභාග කරන්නැයි අගවිනිසුරුගෙන් නියෝගයක්…

මහාධිකරණයේ ඇති වසර පහකට වඩා පැරණි නොවිසදුණු නඩු දිනපතා විභාග කර තීන්දු ලබා දීමට කටයුතු කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරුන්ට අග්‍රවිනිශ්චයකාර කේ.ශ්‍රී පවන් මහතා ලිඛිතව දන්වා ඇතැයි වාර්තාවේ.

මේ දැනුම්දීම කර ඇත්තේ ඉකුත් ඔත්තෝම්බර් 10 වනදා වන අතර මේ වන විට සියලුම මහාධිකරණ විනිසුරුවරුන්ට මෙම ලිඛිත දැනුම් දීම ලැබී ඇති බවද වාර්තාවේ.

අධිකරණ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වන්නේ මේ සතියේ සිටම අදාල නියෝගය ක්‍රියාත්මක  කිරීමට මේ වන විට කටයුතු යොදමින් සිටින බවයි.

letterlow