FAST NEWS

24×7 Around the Globe

වාසු කොළඹ නාගරික කොමසාරිස්ගෙන් මීලියන 500 ක වන්දි ඉල්ලයි..

කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ‍ලේකම් වාසුදේව නානායක්කාර මහතා එන්තරවාසියක් යවා ඇත.

ඉකුත් අගෝස්තු 01දා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මහජන රැලිය හයිඩ් පාක් පිටියේ පැවැත්වීම සඳහා නාගරික කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද අවසරය ඔහු විසින්ම අවසාන මොහොතේ අවලංගු කිරීමෙන් සිදු කළ හානියට වන්දි වශයෙන් මෙම වන්දි මුදල ගෙවන ලෙස මෙම එන්තරවාසියෙන් ඉල්ලා ඇත.

එකී වන්දි මුදල නොගෙවන්නේ නම් ඒ මුදල අයකර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරන බවද ඔහු සිය නීතිඥ දිනූෂා තිලකරත්න මහත්මිය මගින් ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ දනේෂ් ධර්මවර්ධන මහතාගේ උපදෙස් පරිදි යවා ඇති එන්තරවාසියේ සඳහන් කර ඇත.