FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ අක්‍රීයවීමට හේතුව කොටසක දෝෂයක් නොවෙයි…

නොරොච්චෝලේ බලාගාරය අක්‍රියවීමට හේතුව එම බලාගාරයේ එක කොටසක දෝෂයක් නොවන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස් බටගොඩ මහතා පැවසීය.

ඊට සමස්ථ පද්ධතියේම දෝෂය බලපා ඇති බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර දෙකක් දින කිහිපයක් තුළ යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව බටගොඩ මහතා පැවසීය.

කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටීමත් සමඟ සිදු කෙරෙන විදුලි කප්පාදුව එලඹෙන සිකුරාදා වන විට අවසන් කිරීමට හැකිවනු ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.