FAST NEWS

24×7 Around the Globe

වරෙන්තුවක් අනුව වෙල්ගමගේ බෙලිස්ටර් සොදිසි කෙරේ…

උසාවියෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 50 ක පමණ පිරිසක් මතුගම බෙලිස්ටර් වත්ත සොදිසි කිරීමට කටයුතු කර තිබේ.

අක්කර 400 කින් යුත් මෙම වත්තේ හිමිකරු හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතායි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථ 02ක් සොයා පරික්ෂණ පැවැත්වු නමුත් කිසිවක් එහි නොවු බව වාර්තා වේ.

පොලිස්පතිවරයාට ලැබී තිබූ විශේෂ ඔත්තුවක් මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.