FAST NEWS

24×7 Around the Globe

යේමනයේ තෙදින සටන් විරාමයක් ලබන 19 වැනිදා සිට…

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ යේමන නියෝජිත ඉස්මයිල් ඕල්ද් චෙයික් අහ්මද්ගේ මැදිහත් වීමෙන් ලබන 19 වැනිදා සිට යේමනයේ තෙදින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

එය පැය 72 ක් පුරාවට පැවැත්වෙනු ඇති බවත් යේමනයේ වේලාවෙන් 23.59 සිට එය ආරම්භ වනු ඇති බවත් විශේෂ නියෝජිත ඉස්මයිල් ඕල්ද් චෙයික් අහ්මද්ගේ පවසා තිබේ.

මෙම සටන් විරාමයේ අරමුණ වී ඇත්තේ තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ සටන්වලට මැදි වී කොටුවී සිටින සිවිල් වැසියන්ට බේරී පලා යෑමට අවස්ථාවක් ලබා දීම යැයි ද වාර්තා වේ.

මෙම කෙටි කාලීන සටන් විරාමයට යේමනයේ ‘හවුති’ සටන්කාමීන්ගේ සහාය දෙන බව ද පවසා තිබේ.