අඟුලාන-කිරිබත්ගොඩ මාර්ග අංක 154 බස් රථ අද ධාවනයෙන් ඉවත්කැර ගත් බව අඟුලාන-කිරිබත්ගොඩ බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
නිසි කාලසටහනකට අනුව බස් රථ ධාවනය නොකිරීමට විරෝධය දක්වමින් මේ ක්‍රියාමාර්ගය ගත් බව එම සංගමය කියයි. අඟලාන-කිරිබත්ගොඩ මාර්ගයේ බස් රථ 72ක් ධාවනය වෙයි.







