FAST NEWS

24×7 Around the Globe

කොප් පළමු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 25 වැනිදා.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළමු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.

කෝප් කමිටුව සිය පළමු වාර්තාව මඟින් රාජ්‍ය ආයතන 20ක ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් මේ විවාදයේදී ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් අදහස් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෝප් කමිටුවේ පළමු වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් ලෙස ඉල්ලා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි.

එ අනුව 25 වැනිදා සවස 2 සිට රාත්‍රි 7.30 දක්වා මේ කල් තැබීමේ අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.