FAST NEWS

24×7 Around the Globe

වසන්ත සමරසිංහගේ උතුරු මැදටට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ..

රුපියල්  කෝටි විසි පහක්  වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් රජයේ ප්‍රසම්පාදන නියමයන් උල්ලංඝණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට  ගත් බව කියන  තීරණයක් අත්හිටුවන අතුරු තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ගොනු කළ පෙත්සම උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

උතුරු මැද ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන ඇමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට සහ පළාත් ලේකම්ට එරෙහිව මෙම නියෝගය ඉල්ලා තිබිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කළ යුතුව  පිරිසක් නම් නොකිරීමෙන් මතු වූ තාක්ෂණික දෝෂයක් නිදා පෙත්සම් විභාගය අත් හිටුවන බව අධිකරණය ප්‍රකාශ කළේය.

එසේම එම තාක්ෂණික දෝෂය මග හැර යළි නඩු පවරන බව වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.