FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ හදිසියේ ක්‍රියාවිරහිතවීම ගැන පරික්ෂණයක්…

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදිසියේ ක්‍රියාවිරහිතවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නොරොච්චෝලේ  බලාගාරයේ ක්‍රියාවිරහිත වීමට හේතුව සහ එවැනි තත්ත්වයක් යළි ඇතිනෙ වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම පරීක්ෂණය සිදුකරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ධමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය සෙනසුරාදා උදෑසන එහි සම්ප්‍රේක්ෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බලාගාරයේ කටයුතු ඇණ හිටි අතර ඒ හේතුවෙන් මෙගා වොට් 900ක විදුලි ධාරිතාවක් සමස්ත විදුලිබල නිෂ්පාදනයට අහිමි වු අතර බිඳ වැටී තිබෙන නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු අද (18) දිනයේත් සිදු කෙරේ.

කොළඹ නගරය සහ ප‍්‍රධාන කර්මාන්ත ජනපද හැර රට පුරා සෙසු ප‍්‍රදේශවලට අදත් පැය එක හමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත අතර උදෑසන අටේ සිට පැයක කාලයක් සහ සවස හයේ සිට පැය භාගයක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

මෙම තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධමිත කුමාරසිංහ මහතා  වැඩි දුරටත් සඳහන් කළේය.