නැවත වතාවක් වැට් පනත් කෙටුම්පත අකුළාගෙන මෙදා පාර පළාත් සභා නවයම වන්දනා කරගෙනම ආණ්ඩුවට වැට් පනත් කෙටුම්පත ගේන්න වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව උදය ගම්මන්පිල මහතා ගොනුකළ පෙත්සම ඊයේ (17දා) කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අතර එම අවස්ථාවට සහභාගි වී පැමිණෙන අවස්ථාවේ මන්ත්‍රිවරයා මාධ්‍යයට මේ අදහස් දැක්වීය.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
“මා මීට කලින් කිව්වා අපි ගාව වැට් රහසක් තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළි කරනවා කියලා. ඒ රහස අපි හෙළි කළා. ඒ රහස තමයි මේ පනතේ ක්‍රියාපටිපාටියේ දෝෂයක් තිබෙනවා කියන එක.
මා කී ඒ රහස පිළිබඳ අනාවැකියක් පළ කරමින් ලක්ෂ්මන් යාපා ඇමැතිතුමන් විසින් කියා තිබුණා මා විසින් මේ කියන්න උත්සාහ කරන්නේ පනත ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් කිරීම වැරැදි කියන එකයි කියලා.
නමුත් ඒ අපේ වැට් රහස වුණේ එය නෙවෙයි. පාර්ලිමේන්තුවට වැට් පනත යොමු කරන්න කලින් එය පළාත් සභාවලට ඉදිරිපත් කිරීමක් කර නැහැ. ඒ නිසා ගිය වර මෙන් විධිමත්ව ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව ඉදිරියේ නැහැ කියන තර්කය අද (17) අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.
මේ පනත උත්සාහ කරලා තියෙනවා මැයි දෙවැනිදා ඉඳලා ආණ්ඩුව එකතු කරපු වැට් බදු නීතිගත කිරීම සඳහා නීතිමය විධිවිධාන ගේන්න. මේ පනත හරහා අලුත් වැට් බදු පරිමාවක් හැදෙනවා. අලුත් බදු ප්‍රතිශතයක් ඇතිවෙනවා. අතීතයේ ඒ බද්ද අය කළ යුතුයි කියලා නියම කරනවා. සෘජු බද්දක් අතීතයට බලපාන්න පනවන්න පුළුවන්.
මේ පනතේ කියනවා බදු නොගෙවා සිටීම වරදක් කියලා. වර්තමානයේ නීත්‍යනුකූල දෙයක් අතීතයට බලපාන්න නීති විරෝධී කරන්න බැහැ. මේ මූලික අයිතිවාසිකම කඩවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය කඩකිරීමක් වෙනවා. තුන්වැනි වගන්තියට පටහැනි පනතක් ගෙන එනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට ලක් කළ යුතුයි.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.