FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කාටවත් ඇඟිල්ල දිගු කළේ නෑ…

 

පසුගියදා ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එම තනතුරින් ඉල්ලා අස්වීමට හේතුවක් විය නොහැකි බව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසා තිබේ.

ශ්‍රීලනිප මූලස්ථානයේදී අද(17) පැවැති මාධ්‍ය හමුවකදී මේ ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා එම පිළිතුර ලබා දී තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා කිසිවෙකුටත් ඇඟිල්ල දිගු කළේ නැති බවයි.

මේ නිසා ඉල්ලා අස්වුණේ ඇයි කියා එතුමියගෙන් ඇසිය යුතු බවත්, තොප්පිය හරි නම් දාගත හැකි බවත්, ඒ මහතා පවසා තිබේ.