FAST NEWS

24×7 Around the Globe

උඩවලවේ බස් ටිපර් ගැටුමකින් තිදෙනෙකු මරුට…

අද (17) පස්වරුවේ උඩවලව වැව් බැම්මේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෙවනගල පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට සහ උඩවලව රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වූ බස් රථය, ටිපර් රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.