FAST NEWS

24×7 Around the Globe

විදුලිය කැපීමේ කාලසීමාව අඩු කිරීමේ සැලසුමක්…

 

මහවැලි ජලය විදුලිබල නිෂ්පාදනය සඳහා වැඩිපුර ලබාදීමට මහවැලි බලධාරීන් එකඟවීම නිසා දැනට විදුලිය විසන්ධි කෙරෙන පැය තුනහමාරක කාලසීමාව අඩු කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පරිසර අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ අද(17) පෙරවරුවේ මේ පිළිබදව සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි.