FAST NEWS

24×7 Around the Globe

මොසුල්, IS ග්‍රහණයෙන් මුදාගැනීමට තීරණාත්මක මෙහෙයුමක්…

 

ඉරාකයේ මොසුල් නගරය IS ග්‍රහණයෙන් මුදාගැනීමට තීරණාත්මක මෙහෙයුමක් ආරම්භ කිරීමට එරට රජය සූදානම් වන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇමරිකාවේ සහය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

විශාලත්වය අතින් දෙවන තැන හිමිවන මොසුල් නගරය 2014 වසරේ සිට IS ග්‍රහණයේ පවතින අතර එම නගරය මුදාගැනීමට හැකිවුවහොත් එය IS ත්‍රස්ත සංවිධානයේ දරුණුතම පසුබෑමක් ඇති කරන බවද වාර්තා වේ.

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහොත් මිලියනයකට අධික ජනතාවකට ඉන් බලපෑම් ඇතිවිය හැකි බවයි.