FAST NEWS

24×7 Around the Globe

චීනය අපේ කල්‍යාණ මිතුරෙක් – කරූ…

 

චීන රජය මෙරට යහපත් කාලවකවානුවලදී මෙන්ම දුෂ්කර අවස්ථාවලදී ද නොසැලි සිටි කල්‍යාණ  මිත්‍රයෙක් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසා තිබේ.

වර්තමානයේ දී ලොව ආර්ථික බලයෙන් අද්විතීය ස්ථානයකට පැමිණ ඇති චීනයෙන් අප රටට ගත හැකි ආදර්ශ විශාල ප්‍රමාණයක් ඇති බව හෙතෙම පවසා තිබේ.

චීනයේ නිල සංචාරයක නිරත කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු දූත පිරිස චීන කථානායක ඩී ජියෑන් ෂෙන් මහතා මුණගැසී සාකච්ඡා කර ඇති අතර එහිදී කථානායකවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදි චීන කථානායකවරයා පවසා සිටියේ චීනය සහ ශ්‍රීලංකාව අතර පවතින්නේ ඓතිහාසික මිතුදමක් බවයි.

ශ්‍රී ලංකාව ද චීනය මුහුණදුන් ස්වභාවික ව්‍යවසනයන් වැනි දුෂ්කර අවස්ථාවල දී උපරිමයෙන් තම රටට සහයෝගය ලබාදුන් බව ද ඔහු පවසා තිබේ.