FAST NEWS

24×7 Around the Globe

අදත් දිවයින පුරා තද වැසි…

 

අද(17) දිනයේත් දිවයින පුරා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කර ඇත්තේ වැසි ඇතිවන විටදී තද සුළං සහ අකුණු අවදානමක් පවතින බවයි.

එබැවින් අකුණු අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව ඒ පිළිබඳව සැළකිල්ලෙන් සිටිය යුතු බවද ඔහු පවසා තිබේ.